Saturday, April 26, 2014

ආයුබෝවන් !

මම බ්ලොග් ලෝකය හඳුනගත්තේ ඕස්ට්‍රේලියාවේ පඳිංචි මගේ නොදුටු මිතුරිය රෝෂිනී නිසායි. අප දෙදෙනා 2009 පමන සිට නොයෙකුත් දේවල් ගැන කතා කලා, වාද කලා,නොදන්න දේවල් කියල දුන්නා, තරහ උනා යාළු උනා. දිනක් ඇය ලින්කුවක් එවුවා බලන්න කියල. එදා තමා මම සිංහල බ්ලොග් එකක් බලපු මුල්ම දවස. එය කතාන්දරගේ බ්ලොගයේ ලින්කුවක්. ඊට පසු වරින්වර මාතලන්ගේද, මාරයාගේද ලිපි බලන්න කියල ලින්ක් එවුවා.
දිනක් ඇය මට මුලින්ම කිවුවේ 'අද මට හරිම දුක දවසක්, බ්ලොග් ලෝකයට අද අදුරු දවසක්'. එදා තමා ඔබ කාගේත් ආදරණීය ඔබා මාමා මියගිය දවස. මම ඔබා මාමගෙ බ්ලොගයේ ලින්කුව ඉල්ලන් එය බැලුවා. මම කොච්චර එයට කැමතිඋනාද කියතොත් හවස 6ට පමන කියවන්න පටන් ගෙන පහුවදා උදේ වෙනකන් සම්පූර්ණ බ්ලොගයම කියවලා තමා නිදාගත්තේ. ඔබා මාමා අදුර ගන්න නොහැකි උනත්, එතුමා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් සොඳුරු මිනිසෙකු බව සිංහල බ්ලොග් ලෝකය එතුමා වෙනුවෙන් දුක්වූ තරමින් පෙන්නුම් කලා.
එහෙම පටන් ගත්ත බ්ලොග් කියවීම, අද දක්වාම කරනවා. මාරයාගෙ හොරාව, මාතලන්, නිදහස් සිතුවිලි, සංසාරේ අපි සහ ලඟකදි ඉඳන් කෙන්ජිගෙ කොලම මම වැඩිපුර කියවන ඒවා උනත් වෙලාවක් ලැබෙන විදිහට අනෙක්වාත් කියවන්න අමතක කරන්නෙ නෑ.
වසර ගනනක සිට බ්ලොග් කියවීමත්, මාස 6ක පමන සිට කොමෙන්ට් ලිවීම කරපු මට බ්ලොග් එකක් පටන් ගන්න ආසාවක් තිබුනත් මම මොනවා ලියන්නද කියන ප්‍රස්නෙ හිතේ තිබුනා. ඉතින් මම තීරණය කලා මම ආසම දෙයක් වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාව ගැන ලියන්න. ඉලෙක්ට්‍රොනික විද‍යාව කිවුවට මම ලියන්න අදහස් කරන්නේ මම කරන ප්‍රොජෙට්ස්. විශ්ව විද‍යාල වල ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරන අයට එයාලාගේ අවසන් වසර් ප්‍රොජෙට් කරල දෙන එක මම වසර එකහමාරක පමන් ඉදන් මම කරනවා. එයාලාගේ ප්‍රොජෙට්ස් තමා මම ඔයාලාට ඉදිරිපත් කරන්නේ.ඒ වගේම ඉලෙක්ට්‍රොනික මූලධර්ම ගැනත් ලියන්න මම අදහස් කරනවා. ඒක මූලික දැනුම සොයන අයට උදවුවක් වේවි.
ඉතින් ඉලෙට්‍රොනික වලදී භාවිතා කරන සමහර වචන සඳහා සිංහල වචන හොයාගන්න බැරිවුනාම ඉංග්‍රීසි වචනය භාවිතා කරන්න වේවි. ගැලපෙන සිංහල වචනය දන්නවනම් ඉදිරිපත් කරන්න.

(For the English translated version of this Blog, Please visit to Electronic World )

13 comments:

  1. කරගෙන යමං ඉසුරු... බ්ලොග් වලට වඩා ඉතිං උමව ඇසුරු නිසුරු කොරන්නේ බුකියෙන් නෙව...
    අපිටත් තේරෙන විදියට ලියන ඉලෙක්ට්‍රොනිකයක් ගැන ලියහං එච්චරයි.. :D

    ReplyDelete
  2. ලියමු මලයා අපිත් එන්නං ගොඩවැද්ලා යන්න. ඔන්න මාරයගෙන් පාර අහං තමා ආවේ මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ආපහු පාරක් එන්න......

      Delete
  3. පිළිවෙලකට ඉලෙක්ට්‍රොනික් සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් විදියට ලියන්න... ඉංගිරිසි වචන ගැන හිතන්න එපා... ඔක්කොම සිංහලෙන් වෙන්න ඕනේ කියල දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.... ඒත් සිංහල අස්සෙ ඉංග්‍රීසි නිකන් කැතයි කැතයි වගේ.....

      Delete
  4. ඉලෙක්ට්‍රොනික මූලධර්ම ගැනත් ලියන එක වටින වා , අපි වගේ අතගාගන අහුලගන යන උන්ට , ජයවේවා

    ReplyDelete
    Replies
    1. උඹ ටිකක් විතර ඕනයා වාගේ

      Delete
    2. හි...හි..... එකවගේ හත් දෙනෙක් ඉන්නවය කියන්නෙ....

      Delete
  5. ඉලෙක්ට්‍රොනික්, කොම්පියුටර් ගැන ලියනකොට ඉංග්‍රීසි වචන පාවිච්චි නොකර බෑ. එහෙනං පටංගමු බලන්න.

    ReplyDelete
  6. නියමයි ඉසුරු...දිගටම ලියන්න...
    ඉලෙක්ට්‍රොනික් ගැන සිංහලෙන් තියෙන ඒවා අඩුයි...ඒ නිසා ගොඩක් අයට මේක වැදගත් වෙයි.
    සුබපැතුම්...!!!

    ReplyDelete
  7. කාලෙකට කලින් මුලික දැනුම ලැබුණා. මේ බ්ලොග් එකට පී.එන්. හන්දිය (Pn-junction) කියලා දැම්මොත් මොකද ?
    සුබපැතුම් !!!

    ReplyDelete