Thursday, July 27, 2017

රාස්ප්බෙරි පයි දෘඩාංග - Raspberry Pi Hardware

මම මේ ලිපියෙන් රාස්ප්බෙරි පයි හි දෘඩකාංග පිලිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට පෙර ලිපියක රාස්ප්බෙරි පයි ගැන හැඳින්වීමක් කලා ඇති.
රාස්ප්බෙරි පයි කියන්නෙ කුඩා පරිපතයක් වුනාට එය ආර්ඩුනෝ (Arduino) වැනි මයික්‍රොකොන්ට්‍රෝල පරිපතයක් නොවේ. රාස්ප්බෙරි පයි සුවිශේශ වන්නේ එය කුඩා වීමත් හා එය බාවිතයෙන් පරිගනකයකින් කල හැකි බොහෝ කාර්යයන් කල හැකිවීමත්.
පරිගනකයක් සැලකූ විට ක්ශුද්‍ර සකසනයකින්ද (Micro Processor) Northbridge සහ Southbridge යන චිප දෙකකින් ද, සහ ඒවාට සම්බන්ද වුනු තවත් සහායක චිප හා අතුරුමුහුනත් (Interfaces) වලින් සමන්විත වෙනවා. සැකසුම ගත්විට ක්ශුද්‍ර සකසනය, Northbridge චිපයට සම්බන්ධ වෙලා තියෙන්නෙ. Southbridge චිපය, Northbridge චිපය හරහා ක්ශුද්‍ර සකසනයට සම්බන්ද වන අතර සාපේක්ෂව අඩු වේගයකින් ක්‍රියාකරන්නෙ. පරිගණකයේ ඇති Graphic Processer සහ RAM මතකය Northbridge චිපයට සම්බන්ද වන අතර Southbridge චිපයට, PCI USB Serial port BIOS අතුරුමුහනත් (interface) වලට සම්බන්ද වෙනව.
රාස්ප්බෙරි පයි හි ඉහත සඳහන් කල සියල්ලම එක චිපයක් තුල අන්තර්ගතකරල තියෙන්නෙ. මෙම චිපය SOC (System On Chip) නාමයෙන් හඳුන්වනු ලබනව. ඒවගේම SOC යන්න 'චිපය මත පද්ධතිය' ලෙස සිංහලෙන් නම් කරන්න පුලුවන්. රාස්ප්බෙර්ර්යි පයි නිර්මාතෘ, එබන් අප්ටන් මහත්තය Broadcom සමාගමේ ඉන්ජිනේරුවෙක් වීම නිසා වගේම සමාගම සමඟ ඇති ගිවිසුම නිසාද එහි Broadcom SOC චිපයක් අන්තර්ගත කරල තියෙන්නෙ.මේ චිපය තුල ක්ශුද්‍ර සකසනයක්, ram මතකයක්, ග්‍රෆික් සකසනයක් සහ USB, GPIO, I2C, SPI යන දත්ත හුවමාරු පහසුකම වගේ දේවල් අඩංගු කරල හදල තියෙන්නෙ.
Broadcom BCM2837 SOC Chip.

SOC චිපයට අමතරව රාස්ප්බෙරි පයි මත ram මතක චිපයක් සහ ජාල පහසුකම ඇත්නම් Ethernet අතුරුමුහුනත් චිපයක් ද වෝල්ටීයතා යාමනයි පිනිස කොටසක් අන්තර් ගත වෙනව.
BCM2835, BMC2836, BMC2837 කියන්නෙ දැනට රාස්ප්බෙරි පයි සඳහා බාවිතා කරල තියෙන SOC චිප.

රාස්ප්බෙරි පයි සංකල්ප මාදිලිය 2006 - Raspberry Pi Concept Board 2006

එබන් අප්ටන් විසින් රාස්ප්බෙරි පයි සංකල්පය අත්හදා බැලීම සඳහා මෙම මාදිලිය 2006 දී සිය නිවසේ දී නිපදවල තියෙන්නෙ. වෙරෝ බෝඩයක එකලස් කරන ලද මෙය 22.1MHz වේගයකින් ධාවනය කරල තියෙන්නෙ. Atmel ATmega644 මයික්‍රොකොන්ට්‍රෝලයකින් එය සමන්විත වුනු ඒකට 512K SRAM චිපයක් සාමාන්‍ය දත්ත සහ වීඩියෝ දත්ත ගබඩා කරන්න පාවිච්චි කරල තියෙනව. පහල පින්තූරෙ බැලුවොත් වම් පැත්තෙ කෙරවලේ තියෙන ලොකු චිප් දෙකෙන් වම් පැත්තට වෙන්න තියෙන්නෙ Atmel microcontroller චිප් එක. ඒකට දකුණෙන් තියෙන්නෙ SRAM චිප් එක. Amel චිපයේ I/O pin 32 න් 19 ක් ram චිපයට දත්ත යැවීමට බාවිතා කරල තියෙනව. සාමාන්‍ය රූපවාහිනියක් තිරයක් ලෙස බාවිතා කරන ලද මෙහි වීඩියෝ විභේදන හැකියාව 320 x 240 වෙලා තියෙනව. SRAM චිපයේ තියෙන වීඩියෝ දත්ත පික්සල් එකෙන් පික්සල් එකට අවශය වේගයෙන්  74HC ශ්‍රේණියේ බෆරයන් තුනක් හරහා ADC තුනක් වෙත නිකුත් කරල තමයි වීඩියෝ සංඥා නිපදවල තියෙන්නෙ. මෙතනින් බලන්න පුලුවන් එදා ඒ අත්හදා බලපු හැටි. එයාගෙ නෝන මහත්තයා ලිස් තමයි වීඩියෝ කරල තියෙන්නෙ. තිරස් හා සිරස් බ්ලෑන්කින් වලදී මයික්‍රෝකොන්ට්‍රෝලය වීඩියෝ නොවන කාර්යයන් සඳහන් බාවිතා කරල තියෙනව.
Raspberry Pi Concept 2006 Edition 

Raspberry Pi USB Prototype Board
ඉන්පසු රාස්ප්බෙරි පදනම ඇති කිරීමෙන් පසු 2011 මැයි මස 'Raspberry Pi USB prototype board' නිපදවල තියෙන්නෙ.මේක පොඩි උපකරණයක් වගේම මුද්‍රිත පරිපතයක් බාවිතා කරල තමයි හදල තියෙන්නෙ. තිරයට සම්බන්ද කරන්න එක පැත්තකින් HDMI port එකක් වගේම අනික් පැත්තෙන් USB pen drive එකක් සම්බන්ද කරල තියෙනව. ඒවගේම මේකෙ කැමරාවක් එහෙමත් තිබිල තියෙනව. මේක ගැන වැඩිවිස්තරයක් අන්තර්ජාලයේ හොයා ගන්න නෑ. මේකට Broadcom එකේ කට්ටිය කියල තියෙන්නෙ 'MicroDB' කියල.

Raspberry Pi Alpha Board
ඒට පස්සෙ මෙයාල හදල තියෙනව 'Raspberry Pi Alpha Board' කියල එකක් 2011 අගෝස්තු මාසෙ. මේක විකුනන්න නෙමේ පරීක්ශා කරන්න සහ වැරදි හොයන්න හදල තියෙන්නෙ.

Raspberry Pi Beta Production Board
ඒට පස්සෙ මෙයාල 'Raspberry Beta Production Board' කියන එක නිර්මාණය කලා. නිර්මාණය කරල මුද්‍රිත පරිපත (PCB) 100ක් හැදුව. ඒත් එයාල කෑලි දාල පෑස්සුවෙ 10ක් විතරයි. 2012 ජනවාරි 1 වෙනිදා මෙයාල ebay එකේ 'Raspberry Beta Production Board', 10 ක් වෙන්දේසියේ දැම්මා. ඒකෙ අරමුණ වුනේ පදනමට අරමුදල් රැස්කරගන්න. ඒ 10 ලොකු ගානකට විකිනුනා. වැඩිම මුදල වුනේ බ්‍රිතාන්‍ය පවුම් 3500ක් අඩුම මුදල වුනේ පවුම් 930ක්.
පහල තියෙන්නෙ එහෙම විකිනුන අංක 8. පින්තූරය ගත්තෙ බ්ලොග්කරුවෙකු වන Paul Maunders බ්ලොග් එකෙන්. එයාගෙ බ්ලොග් පෝස්ට් එකට මෙතනින් යන්න.
Raspberry Pi Beta Production Board.
https://www.pyrosoft.co.uk/blog/2012/01/13/raspberry-pi-8-first-photoshoot/

Raspberry Pi 1st Production Board
ඊට පස්සේ ආවා Raspberry Pi 1st Production Board. මේක විකුනන්න ගත්තෙ පෙබරවාරි 29 2012. එදා තමා රාස්ප්බෙරි පයි වල ඇරබුම සනිටුහන් වුනේ. දිනය ගැනත් දෙයක් කියනන් ඕනෙ, අපේ රටේ පෙබරවාරි මාසෙ අලුතෙන් දෙයක් පටන් ගන්නෙ නෑ අඩු මාස අසුබයි කියල. ඒත් බලන්න එදා ඉඳන් වසර 5 ක් යනකොට රාස්ප්බෙරි පයි ලෝකය පුරාම ජනප්‍රිය වුනා වගේම මිලියන ගානක් විකිණුනා. Raspberry Pi 1st Production Board එකත් ඊට පෙර නිකුත් කරපු Raspberry Pi Beta Production Board එක වගේම තමයි වෙනස වුනේ රූපවාහිනියට සම්බන්ද කරන RCA Port එක කහ පාට වීමත් SD Card Port එක පොඩ්ඩක් වෙනස් වගේම ඇතුලට වෙන්න තිබීමත්. මේ මාදිලියේ 10,000ක් හැදුවා. මේව හැදුවෙ චීනයේ. 

Raspberry Pi Full Production Board AKA Raspberry Pi 1 Model B
Raspberry Pi Beta Production Board, Raspberry Pi 1st Production Board ඔක්කොම Raspberry Pi 1 Model B වගේ නමුත් පොඩි වෙනස්කම් තියෙනව. හරියටම Raspberry Pi 1 Model B එකක් නිකුත් කලේ 2012 අප්‍රේල් මාසෙ Raspberry Pi Model B Full Production Board නමින්. බෙදාහැරීම හා විකිනීම කලේ Farnel (දැන් Element14) හරහා. සැප්තැම්බර් 2012 සිට බ්‍රිතාන්‍යයේ වේල්සයේ Sony Manufacturing Plant හි නිශ්පාදනය කරන්න පටන්ගත්ත. එම තීරණය ගැන ලිස් අප්ටන් කිවුවෙ මෙහෙමයි,

"If you’ve been following us for a while, you’ll remember the time last year when we had to make the decision to manufacture the Raspberry Pi in China. The Raspberry Pi is a British enterprise, and as well as improving things in the computing industry’s future here by educating kids, we wanted to improve things in the present too, by actually doing our manufacture here in the UK."

"ඔබ මෙතෙක් කල් අප සමඟ රැඳී සිටියා නම්, ඔබට මතක ඇති පසුගිය වසරේදී අපට තීරණය කරන්න සිදුවුණේ රාස්ප්බෙරි පයි චීනයේ සාදන්න. රාස්ප්බෙරි පයි කියන්නේ බ්‍රිතාන්‍ය නිර්මාණයක්, එසේම අපගේ පරිඝණක කර්මාන්තයේ අනාගතය නගාලීමේ ප්‍රයත්නයක් ළමුන් දැනුවත් කිරීම තුලින්. එසේම අපට උවමනායි වර්තමානය නගාසිටුවන්න රාස්ප්බෙරි පයි මෙහි, බ්‍රිතාන්‍යයේ නිශ්පාදනය කිරීම තුලින්."

අද ද, බ්‍රිතාන්‍යයේ බාවිතය සඳහා රාස්ප්බෙරි පයි බ්‍රිතාන්‍ය තුල නිශ්පාදනය කරනවා ලෝකයේ සෙසු රටවලට බාවිතා කරන්න රාස්ප්බෙරි පයි හදන්නෙ චීනයේ. ඒ වගේම බෙදාහැරීම සහ විකිනීම කරන්නේ Element14 හරහායි. 

Rspberry Pi 1 Model A
2013 පෙබරවාරි මාසයේදී Raspberry Pi 1 Model A නිකුත් කලා ඒක Raspberry Pi 1 Model B ට සමාන වුනත් පරිගනක ජාලයකට සම්බන්ධ කරන්න Ethernet port එකක්  අඩංගු කරල නෑ.

Raspberry Pi Computer Module 
2014 අප්‍රේල් මස Raspberry Pi Computer Module නිකුත් කලා. මෙහි SOC චිපය, RAM මතකය සහ eMMC Flash මතකයක් පමනක් අන්තර්ගත වුනා. ප්‍රමානය සහ හැඩය ලැප්ටොප් පරිගනකයක RAM මතකයක් සමාන වුනා. එසේම අතුරුමුහුනතත් ඒ වගේමයි. පහතින් පෙනෙන්නේ එයයි.
Raspberry Pi Computer Module
http://elinux.org/images/8/83/Compute-module.png

Raspberry Pi 1 Model B+
2014 ජූලි 14 දින රාස්ප්බෙරි පයි පදනම නවතම මාදිලියක් එලිදැක්වූවා. එනම් Raspberry Pi 1 Model B+. මෙය බොහෝ දුරට Raspberry Pi 1 Model B හා සමානයි. මෙහි SOC චිපය හා RAM මතක ප්‍රමානය සමාන නමුත් SD චිපයක් වෙනුවට MicroSD චිපයක් බාවිතා කරන්නේ. ඒවගේම USB port දෙකක් වෙනුවට මේකෙ USB Port 4 ක් තියෙනවා. ඒනිසා යතුරුපුවරුවයි මවුසයටයි අමතරව පෙන් එකක් එහෙම ගහන්න පුලුවන්. GPIO 40 තියෙනවා. 

Raspberry Pi 2 Model B
2015 පෙබරවාරි මස නවතම මාදිලිය හදුන්වල දුන්නා. ඒක Raspberry Pi 2 Model B යනුවෙන් හැදින්වුනා. මෙයට quard core නවතම SOC චිපයක් අතුලත් වුනා. එසේම RAM මතකය 1GB දක්වා ඉහල දමා තිබුනා. අනෙකුත් ඒවානම් ඉස්සල වගේම තමයි තිබුනෙ. 

Raspberry Pi 3 Model B
රාස්ප්බෙරි පයි විකිනීම අරඹා වසර 4 කර පස්සෙ එනම් 2016 පෙබරවාරි 29 නවතම මාදිලිය වන Raspberry Pi 3 Model B නිකුත් කලා. එකේ 1.2 GHz Quard Core 64 bit SOC චිපයක් අඩංගුයි. ඒවගේම විශේෂයෙන්ම WiFi සහ Bluetooth අඩංගු වෙනවා. 

Raspberry Pi Zero and Raspberry Pi Zero W
මෙයට අමතරව 2015 නොවැම්බර් Raspberry Pi Zero නමින් ඉතා කුඩා රාස්ප්බෙරි පයි එකක් හදුන්වල දුන්න. එසේම රාස්ප්බෙරි පයි හි පස්වන උපන්දිනය දා එනම් 2017 පෙබරවාරි 28 දින රාස්ප්බෙරි පයි පවුලේ නවතම සාමාජිකයා වන Raspberry Pi Zero W හදුන්වල දුන්න මෙය Raspberry Pi Zero හා සෑම අතින්ම සමාන වන නමුත් WiFi සහිතයි. මේවා ට කොතරම් ඉල්ලුම තියෙනවද කිවුවොත් අදටත් එක නිවසකට එකයි විකුනන්නෙ.

Raspberry Pi Computer Module 3 and 3 Lite
මේ මාදිලිය නිකුත් කලේ 2017 ජනවාරි මාසයේ. මෙය Raspberry Pi Computer Module හා සමාන බාහිට පෙනුමකින් යුක්තයි. නමුත් මෙහි SOC චිපය හා RAM මතකය Raspberry Pi 3 Model B හා සමානයි. Raspberry Pi 3 Model B හි ඇති MicroSD කාඩය වෙනුවට මෙහි 4GB eMMC චිපයකින් යුක්තයි. Raspberry Pi Computer Module 3 Lite හි මෙම 4GB eMMC Flash මතකය අඩංගු කරල නෑ.

තවමත් අපි කතාකලේ රාස්ප්බෙරි පයි මාදිලිවල ඉතිහාසය පමනයි. රාස්ප්බෙරි පයිහි දෘඪාංග වල වැදගත්ම කොටස වන SOC චිපය ගැන අප දැන් බලමු.
SOC චිපය එහෙම නැත්තම් System On Chip, හදල තියෙන්නෙ පද්ධතියට වුවමනා කරන බොහෝ කොටස් එක චිපයකට දාල. SOC චිපය රාස්ප්බෙරි පයි එකටම හදපු කොටසක් නෙමේ නවීන උපකරණ එනම් ජංගම දුරකතන,රූපවාහිනි, මුද්‍රණ යන්ත්‍ර වැනි බොහොමයක SOC චිප අඩංගුයි.
රාස්ප්බෙරි පයි එකේ තියෙන SOC චිපයේ, ක්ශුද්‍ර සකසනයක්, ග්‍රැපික් ප්‍රෝසෙසරයක් සහ Input/Output port තියෙනවා. BCM2835, BMC2836, BMC2837 කියන්නෙ දැනට රාස්ප්බෙරි පයි සඳහා බාවිතා කරල තියෙන SOC චිප.

BCM2835
මේ චිපය අඩංගු වෙන්නේ RPi 1 Model A, RPi 1 Model B, RPi Computer Module 1, RPi Zero සහ RPi Zero W හන මාදිලි වල. මෙහි single-core ARM1176JZF-S සහ Broadcom VideoCore IV ග්‍රැපික් ප්‍රෝසෙසරයක් අන්තර්ගත වෙනවා. නමුත් ARM මයික්‍රෝප්‍රොසෙසරයේ වේගය මාදිලියෙන් මාදිලියට වෙනස් වෙනව. RPi 1 Model A, RPi 1 Model B, RPi Computer Module 1 කියන මාදිලි තුනම 700MHz වලින් දිවුවත් RPi Zero සහ RPi Zero W යන මාදිලි දුවන්නේ 1GHz වේගයකින්. මේ මයික්‍රෝප්‍රොසෙසරය නිපදවා තියෙන්නේ තවත් බ්‍රිතාන්‍ය සමාගමක් වන ARM සමාගම විසින්. සුප්‍රසිද්ධ Apple iPhone වල පවා තියෙන්නෙ ARM ප්‍රෝසෙසර්. ඒවගේම ARM1176JZF-S මයික්‍රෝප්‍රෝසෙසරයේ සැකැස්ම ARM11 ARM architecture v6 ආකාරයේ. 32 Bit බස් පළලකින් යුක්තයි. ඒවගේම මෙහි Java Bytecode කෙලින්ම දුවවන්න පුලුවන් කියලත් කියනවා.

BMC2836
මේ SOC චිපය අඩංගු වෙන්නෙ RPi 2 Model B හි පමනයි. මෙහි 700MHz වේගයකින් දුවන 32bit බස් පළලකින් යුක්ත Quard-core ARM Cortex-A7 මයික්‍රෝප්‍රොසෙසරයක් තියෙනවා. 

BMC2837
2016 ඔක්තෝබර් මාසයෙන් පසු නිපදවන ලද RPi 2 Model B, RPi 3 Model B සහ RPi Computer Module 3, 3 Lite යන මාදිලි වල අඩංගු වෙන්නේ මේ SOC චිපය. ඒකෙ අඩංගු වෙන්නේ Quard-core ARM Cortex-A53 කියන මයික්‍රෝප්‍රෝසෙසරය.මෙහි සැකැස්ම ARMv8-A ආකාරයේ. RPi 2 Model B වල 900MHz වේගයකින්ද RPi 3 Model B සහ RPi Computer Model හි 1.2GHz වේගයකින් මේක වැඩ කරනවා.

මෙයට අමතරව රාස්ප්බෙරි පයි වල තවත් කොටස් පවතිනව. උදාහරනයක් ලෙස වෝල්ටීයතාව 5V සිට 3.3V දක්වා අඩුකරන්න බාවිතා කරන Switch mode Power supply සහ Ethernet චිපය දක්වන්න පුලුවන්.
මෙතනින්, මම රාස්ප්බෙරි පයි හි දෘඪාංග ගැන ලිපිය අවසන් කරන්න බලාපොරොත්තු වෙනව. වැඩි විස්තර පහත තියෙන ලිංකු වලින් බලාගන්න පුලුවන්. මීලඟ ලිපියෙන් රාස්ප්බෙරි පයි හි බාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.


මූලාශ්‍ර:

1. https://en.wikipedia.org/wiki/System_on_a_chip 
2. https://en.wikipedia.org/wiki/Northbridge_(computing) 
3. http://elinux.org/RPi_HardwareHistory
4. https://www.raspberrypi.org/blog/raspberry-pi-2006-edition/
5. https://www.pyrosoft.co.uk/blog/2012/01/13/raspberry-pi-8-first-photoshoot/

(මේ ලිපියේ සමහර ඉන්ග්‍රීසි වචන සඳහා සිංහල වචන මම දන්නේ නෑ. ඒවා සඳහා සිංහල වචන යෝජනා කරන්න.)

(For the English translated version of this Blog, Please visit to Electronic World )

Monday, July 17, 2017

රාස්ප්බෙරි පයි මූලික හැඳින්වීම - Raspberry Pi Introduction

රාස්ප්බෙරි කිවුවාම අපිට සිහියට නැගෙන්නෙ පළතුරක්. අපේ රටේ තියන ඇඹිල්ල එහෙම නැත්තම් මල්බෙරි පලතුරට නැකම් කියන යුරෝපාකරයේ තියන පලතුරක් තමයි රාස්ප්බෙරි කියන්නේ.
ඔන්න දැකල නැති අයට බලාගන්න පහතින් දැම්මා.




ඇඹිල්ල නොහොත් මල්බෙරි
රාස්ප්බෙරි


'පයි' කිවුවාම ගොඩක් අයට සිහිවෙන්නෙ සුප්‍රසිද්ද ග්‍රීක අකුරක් වන π. වෘතයක, පරිධියත් අරයත් අතර අනුපාතය කියවෙන බොහොම සුවිශේෂ අගයක් නිරූපිත අකුරක් තමයි. තවත් අයට සිහියට නැගෙයි.
යුරෝපයේ ප්‍රසිද්ද අතුරුපසක් තමයි 'පයි' කියන්නෙ. පළතුරු කැබලි පුරවා තුනී පිටි මෝලියකින් දවටා පෝරනුවක පිසගෙන ගන්නා රවුම් හැඩැති අතුරුපසක් තමයි 'පයි'.
රාස්ප්බෙරි පුරවා හදන පයි අතුරුපසට 'රාස්ප්බෙරි පයි' කියල කියනව. කටට කෙල උනන රාස්ප්බෙරි පයි එකක පින්තූරයක් තමයි පහතින් තියෙන්නෙ.

රාස්ප්බෙරි පයි අතුරුපස
 දැන් හිතෙනව ඇති මොකද මේ මෙච්චර පළතුරු සහ පළතුරු වලින් හදන අතුරුපසවල් ගැන ඉලෙක්ට්‍රොනික් ගැන තියෙන බ්ලොගයක කතා කරන්නෙ කියල. වැරදි බ්ලොග් සටහනකට ඇවිල්ලද කියලත්. නමුත් වෙනස්වන ලොකයේ රාස්ප්බෙරි පයි කිවුවාම ඇඳෙන චිත්ත රූපය දැනට වසර පහකට පෙර වෙනස් වුනා.
අද ගූගල්ට 'Raspberry Pi' කියල හොයන්න කිවුවොත් පෙන්නන්නෙ මෙන්න මේක.

The Raspberry Pi
මොකද්ද මේ රාස්ප්බෙරි පයි කියන්නෙ ඇත්තටම ?

රාස්ප්බෙරි පයි කියන්නෙ Credit Card නැත්තම් ATM card එකක් ප්‍රමානයේ කුඩා පරිඝනකයක්.පොඩි වුනාට මෙයාගෙන් කරගන්න පුලුවන් වැඩනම් පොඩි නෑ. රාස්ප්බෙරි පයි එකට පරිඝනක යතුරු පුවරුවක්, පරිඝනක තිරයක් එහෙම නැත්තම් සාමාන්‍ය රූපවාහිනී තිරයක් වුනත් සම්බන්ද කරන්න පුලුවන්. පොඩි ක්‍රමලේඛනයක් දුවන්න, MySQL server, Apache web server එකක් වගේම සාමාන්‍ය පරිඝනකයක් විදිහට Spread sheet, Word Processing සහ අන්තර්ජාලයේ සැරිසරන්න වගේම පරිඝනක ක්‍රීඩා කරන්න මේක බාවිතා කරන්න පුලුවන්. ඒවගේම මෙහි තියන බලවත් වීඩියෝ දත්ත සැකසුම් ඒකකය නිසා High Definition වීඩියෝ බලන්නත් පුලුවන්.

කවුද මේක හොයාගත්තෙ ?

2006 වසර වෙනකොට කේම්බ්‍රිජ් විශ්වවිද්යාලයේ පරිඝනක විද්‍යා අංශයට ඇතුලත් වන සිසුන් සංඛ්‍යාව අඩුවෙනකොට සහ එම සිසුන්ගේ පරිඝනකමය හැකියාවන් පහල යනකොට, කේම්බ්‍රිජ් විශ්වවිද්යාලයේ පරිඝනක විද්‍යාගාරයේ සේවය කල එබන් අප්ටන් (Eben Upton), රොබ් මුලින්ස් (Rob Mullins), ජැක් ලැංග් , (Jack Lang) සහ ඇලන් මෛක්‍රොෆ්ට් (Alan Mycroft) යන කංඩායම එයට පිලිතුරක් ලෙස කුඩා සහ අඩු මුදලකින් නිපදවිය හැකි පරිඝනකයක් නිර්මාණය කර ඉගෙනීමට බාවිතාකරන්න හිතුවා.
එම කංඩායම නිර්මාණයන් කිහිපයක් කලද එකල පැවති අඩු බල ප්‍රොසෙසර සහ අධික වියදම යන කාරණා නිසා සාර්තක වුනේ නෑ.
පසුව 2008 දී කංඩායම නොර්කොට් ටෙක්නොලොජීස් (Norcott Technologies) විධායක අධ්‍යක්ෂ පීට් ලෝමස් (Pete Lomas) සහ එලීට් පරිඝනක ක්‍රීඩාවේ සම නිර්මාතෘ ඩේවිඩ් බාර්බන් (David Braben) යන අය සමග 'Raspberry Pi Foundation' යන ලාභනොලබන ආයතනය පිහිටුවා ගත්තා.
වසර තුනකට පසු රාස්ප්බෙරි පයි මූලික නිශ්පාදනය සිදුකරන ලද අතර, මූලික පරීක්ෂණ හා නිවැරදි කිරීම්වලට පසුව 2012 පෙබරවාරි 29 ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 6ට රාස්ප්බෙරි පයි මොඩ්ල් ඒ (Raspberry Pi Model A) විකිනීම ආරම්බකලා. වසර දෙකක් යනවිට මිලියන 2ක් උපකරණ විකුනා තිබුනා.
එදා සිට අද දක්වා රාස්ප්බෙරි පයි මාදිලි 11ක් එලිදක්වා තියෙන අතර පදනම විසින් නිකුත් කරන මැග්පයි සඟරාවට අනුව පසුගිය වසර 5ක කාලය තුල මිලියන 12.5ක ප්‍රමානයක් විකිනී ඇත.
නිකුත් කර ඇති මාදිලි නම්,

Raspberry Pi 1 Model A
Raspberry Pi 1 Model A+
Raspberry Pi 1 Model B
Raspberry Pi 1 Model B+
Raspberry Pi 2 Model B
Raspberry Pi 3 Model B
Raspberry Pi ZERO
Raspberry Pi ZERO W
Raspberry Pi Computer Module 1
Raspberry Pi Computer Module 3
Raspberry Pi Computer Module 3 Lite

මැග්පයි සඟරාවට අනුව විකුනා ඇති මාදිලි ප්‍රතිශතයක් ලෙස මෙලෙස වේ,

මූලාස්‍රය : https://www.raspberrypi.org/magpi/raspberry-pi-sales/
ඉදිරිලිපි තුලින් රාස්ප්බෙරි පයි හි දෘඩකාංග හා මෘදුකාංග ගැන සාකච්චා කිරීමට බලා පොරොත්තුවේ. පසුව රාස්ප්බෙරි පයි යොදාකල හැකි නිර්මාණ පිලිබඳව බලාපොරොත්තු වන්න.

මූලාස්‍ර :

1. https://www.raspberrypi.org/
2. https://en.wikipedia.org/wiki/Raspberry_Pi
3. https://en.wikipedia.org/wiki/Raspberry_Pi_Foundation
4. https://www.raspberrypi.org/magpi/raspberry-pi-sales/

(මේ ලිපියේ සමහර ඉන්ග්‍රීසි වචන සඳහා සිංහල වචන මම දන්නේ නෑ. ඒවා සඳහා සිංහල වචන යෝජනා කරන්න.)

(For the English translated version of this Blog, Please visit to Electronic World )


Thursday, May 28, 2015

Network Attached Storage (NAS) - ජාල සබැඳුම් ගබඩාව

වසරකට විතර පස්සෙ ඔන්න මම ආපහු ලියන්න කියල ගත්ත. ලියන්න නම් දේවල් ගොඩයි. එහෙත් හිත එකලස් කරගන්න බැහැ වෙලාවකට. එක රස්සාවක් කරල, ඒකෙන් නැවතිලා තව එකක් ලැබෙනකන් ගෙදර ඉන්න කොට කරන්න කියල හිතාගෙන හිටපු දේවල් මතක් වෙනවා. සමහර දේවල් කරනවත් එක්ක. එහෙම කරපු එක වැඩක් ගැන තමයි කියන්න හදන්නෙ.
අපි හැමෝම පරිගනක එක්ක වැඩකරනවානෙ, එතකොට අපි ලියන ලිපි, ගන්න පින්තුර, බලන චිත්‍රපටි මෙකී නොකී සියලුම වර්ගයේ files, ගබඩා කරන්නෙ අපේ පරිගනකයේ. කාර්යාලයට උවමනා කරන හරි, කාට හරි දෙන්න ගෙනියන්න ඕනෙකරන ඒවා සමහරවිට pen drive එකේ. එහෙම ගබඩා කරල ගබඩා කරල, රතු ඉරත් පැනල පරිගනකය සැරෙන් සැරේ මතක් කරන්න ගත්තාම තමයි, සමහර අයට මතක් වෙන්නෙ පරිගනකයෙන් files ඉවත් කරන්න ඕනා නේද කියල. එතකොට ඉතින් අයින් කරන්න external hard drive එකක් නැත්නම්, තමුන් ආදරයෙන් එකතුකල දේවල් පරිගනකයෙන් මකලා දාන්න වෙනවා. සමහර වෙලාවට පරිගනකය ලෙඩක් දුන්නොත්, වෛරස් වගේ ආසාදනයක් ඇතිවුනොත් කිසිම දෙයක් නැතිවෙනවා.
කාර්යාලවල මේ files තියාගන්න වෙනමම පරිගනකයක් බාවිතා කරනවා.ලොකු ප්‍රොසෙසර් එකක් එක්ක, ලොකු මතක ගබඩාවක් වගේම ලොකු ධාරිතාවයක් සහිත හාර්ඩ් ඩිස්කයකින් ඒ පරිගනකය සමන්විතයි. මේ වෙනකල පරිගනකයට අපි file server කියල කියනවා. මෙවැනිදෙයක් බාවිතාකරන්න විශාල මුදලක් වගේම, නඩත්තුකරන්නත් විශාල මුදලක් වැයවෙනවා.
පොඩි කාර්යාලයකට වගේම, නිවසකට අපිට මේවගේ දෙයක් බාවිතාකරන්න අපිට බැහැ. නමුත් එයටත් විසඳුමක් තියෙනවා. ඒකට කියන්නේ Network Attached Storage එහෙම නැත්නම් කෙටියෙන් NAS. සිංහලෙන් කිවුවොත්, ජාල සැබැඳුම් ගබඩාව.
මොකද්ද මේ NAS සහ File Server පරිගනකයත් අතර වෙනස, සමානකම් වගේම වෙනස්කම් ගොඩකුත් තියෙනවා.
සමානකම් ගත්තොත්, දෙකෙම්ම කරන්නෙ එකම කාර්යය එනම් Files ගබඩා කිරීම වගේම Files ලබාගැනීමට හැකියාව ලබාදීම. වේගය අතින් ගත්තොත්, තාක්ෂණයේ දියුනුවත් එක්ක එකවගේ වේගයකින් Files හුවමාරුව සිදුකිරීමටත් හැකියි.
වෙනස්කම් නම්, මෙම service ලබා දෙන විදියයි. File server ගත්තොත්, හර්ඩ් ඩිස්කයේ සිට ජාලය දක්වා සබඳතාව ඇති කරනුයේ, මෘදුකාංග බාවිතා කර. පරිගනකය operating system එකක් බාවිතයෙන් පනගන්වා ඇති අතර, එය මත ක්‍රියාකරන තවත් ක්‍රමලේඛනයක් බාවිතා කර සබඳතාව ඇති කරයි. නමුත් NAS උපකරනය, සාපෙක්ශව කුඩා ක්‍රමලේකනයක් බාවිතා කරයි. මෙම ක්‍රමලේකය, මතක චිපයක ගබඩාකර ඇති අතර එය firmware ලෙස හැඳින්වේ.
වෙනස්කම් නම්, මෙම සේවාව ලබා දෙන විදියයි. File server ගත්තොත්, හර්ඩ් ඩිස්කයේ සිට ජාලය දක්වා සබඳතාව ඇති කරනුයේ, මෘදුකාංග බාවිතා කර. පරිගනකය operating system එකක් බාවිතයෙන් පනගන්වා ඇති අතර, එය මත ක්‍රියාකරන තවත් ක්‍රමලේඛනයක් බාවිතා කර සබඳතාව ඇති කරයි. මේ හේතුවනිසාම, file server පරිගනකය, වේගවත් ප්‍රෝසෙසරයකින් වගේම, විෂාල මතක ගබඩාවකින් සමන්විතයි.එනිසා විදුලි බලයද සැලකිය යුතු ප්‍රමානයක් බාවිතා කරයි. NAS උපකරනය බාවිතාකරන්නේ හර්ඩ් ඩිස්කයේ සිට ජාලය දක්වා සබඳතාවය ඇතිකිරීමට විශේෂයෙන් සකසන ලද පරිපතයක්. මේ හේතුව නිසා NAS උපකරනයේ ප්‍රෝසෙසරය විශාල නොවන අතර විදුලි බලයද අවශය වන්නේද මද වශයෙනි.


NETGEAR ආයතනය විසින් නිපදවන ලද NAS උපකරනයක් (විකිපීඩියාවෙන්)

දැන් මම සාදන ලද NAS උපකරනය ගැන කතාකරමු. මම NAS උපකරනය සාදන ලද්දේ Raspberry Pi එකක් බාවිතා කරගෙනයි. මොකද්ද මේ Raspberry Pi ? Raspberry Pi කියන්නේ, කුඩාපරිගනකයක්. එය, මූලික වශයෙන් පරිගනක තිරයක් සම්බන්ද කිරීමට තැනක්ද, යතුරු පුවරුවක් මූසිකයක් සම්බන්ද කිරීමට USB සම්බන්දතාවයකින් ද සමන්විත උපකරනයක්. මෙය ලිනක්ස් Operating System එකක් බාවිතාකර පනගන්වාගත හැක. Raspbery Pi, version ගනනාවක් ඇති අතර, නවතම නිකුතුව Microsoft Windows 10 බාවිතාකල හැකි ආකාරයට සකසා ඇත.
මගේ උපකරනයට මම බාවිතා කලේ, මදක් පරන උපකරනයකි. එය Raspberry Pi model B ලෙස හැදින්වේ. මෙය සතුව, පරිගනක තිරයක් සම්බන්ද කිරීමට HDMI port  එකක් ද, සාමාන්ය රූපවාහිනියක් තිරය ලෙස බාවිතාකිරීමට Composite port එකකින් ද, USB port දෙකක් ද, Input/Output pin 26 කින් ද, Operating System එක ඇතුල්කිරීම සඳහා SD මතක චිපයක් සම්බන්ද කිරීමට තැනකින්ද යුක්ත වේ.


 Raspberry Pi 1 Model B

NAS උපකරනය එකල්ස් කිරීම සඳහා බාවිතා කරන ලද ද්‍රවය ලයිස්තුව පහත පරිදි වේ.

Raspberry Pi 1 Model B with 8GB SD card
500GB SATA Hard Disk
SATA to USB convertor
5V Power Regulator
Plastic Box

මෙයට අමතරව, 5V රෙගියුලේටරයේ සිට Raspberry Pi උපකරනයට බලය සැපයීම සඳහා Micro USB මුහුනතක් සහිත වයරයක් ද, Raspberry Pi හි ඊතනෙට් මුහුනත ප්ලාස්ටික් පෙට්ටියෙන් පිටතට ගෙන ඒමට, ඊතනෙට් වයරයක් සහ RJ45 ටර්මිනලයක් පාවිච්චි කලා.


බාවිතා කරන ලද සියලුම කොටස්.

මුලින්ම, ප්ලාස්ටික් පෙට්ටියේ, සිදුරක් කපා RJ45 ටර්මිනලය සවිකරන ලදී.






එසේම සිදුරක් විද, 5V රෙගියුලේටරය සවිකර.....







ඉන්පසු Operating System එක SD මතක චිපයට දමා Raspberry Pi උපකරනයට ඇතුලත් කරන ලදී. මෙහිදී යොදා ගන්න ලද්දේ Raspberry Pi සඳහා සංස්කරනය කරන ලද ලිනක්ස් wheezy සංස්කරනයයි.  දුරස්තව ක්‍රමලේඛ්නය කිරීමට අදහස් කරන් ලද බැවින් ඒ සඳහා අවශය මෘදුකාංගද පහත විධාන බාවිතයෙන් ස්තාපනය කරන ලදී

sudo apt-get install xrdp 

හාර්ඩ් ඩිස්කය, ඇන හා යකඩ රාමුවක් බාවිතා කර පෙට්ටියෙහි පතුලට සවිකර, වයර සියල්ල අදාල පරිදි සවිකර පෙට්ටිය වසන ලදී.







විදුලිබලය දීලා මද වේලාවක් ගතවූපසු ලැප්ටොප් පරිගනකයෙහි Remote Desktop බාවිතා කර Raspberry Pi තුලට ලොග් වී ඉතිරිවැඩ ටික කරන්න පටන් ගත්තා. 



SAMBA මෘදුකාංගය ස්තාපනය කිරීම.

sudo apt-get install samba
sudo apt-get install samba-common-bin

සම්බා තමයි, හාඩ් ඩිස්කයේ ඇති files වලට ජාලය හරහා ප්‍රවේශය ලබා දෙන්නෙ. ඔන්න දැන් SAMBA ස්තාපනය කරල ඉවරයි. දැන් අපි හර්ඩ් ඩිස්කය හරි ගස්සන්න ඕනෙ.
මම හාර්ඩ් ඩිස්කය මගෙ ලැප් එකට, external drive එකක් විදිහට බාවිතා කල නිසා, දැන් තියෙන්නෙ NTFS file system එක. නමුත් ලිනක්ස් file system එක වන ext4 format එක බාවිතය NAS Drive එකකට හොදයි. ඉතින් අපි හර්ඩ් ඩිස්ක්කය සකසන්න යන්නෙ.
මේ සඳහා අපි 'fdisk' කියන විධානය බාවිතා කරනව.


sudo fdisk /dev/sda

මුලින්ම අපි දැනට තියන NTFS file format එක ඉවත් කරන්න ඕනෙ. ඒ සඳහා යතුරු පුවරුවේ 'd' අකුර බාවිත කරල තියෙන NTFS partion ඔක්කොම ඉවත් කරනව. ඊට පස්සෙ, 'w' අකුර බාවිතා කරල කරපු වෙනස් කම් ස්තීර කරල ඉවත් වෙනවා. ආපහු 'sudo fdisk /dev/sda' ව්ධානය බාවිතා කරල අලුත් ext4 partition එකක් හදන්න යන්නෙ.
දැන් 'n' අකුර බාවිතා කරල අලුත් partition එකක් හදන්න කියනවා.
'p' අකුරෙන් මූලික (primary) partition එකක් හදන්න ඕනෙ.
ඊට පස්සෙ දෙපාරක් 'Enter' යතුර ඔබන්න ඕනෙ, partition එකේ ආරම්භය හා අවසානය තියෙන අගයන් බාවිතා කරන්න කියල. දැන් 'w' අකුර ඔබල, වෙනස්කම් ස්තීර කරල ඉවත් වෙනවා.
ඔන්න දැන් අලුත් partition එක හදල ඉවරයි. අලුත් partition එක dev කියන ගොනුවෙ sda1 විදිහට පෙන්නනවා. පාවිච්චි කරන්න ඉස්සෙල්ල මේක format කරන්න ඕනෙ.

sudo mkfs.ext4 -L DATA /dev/sda1


කියන විධානයෙන් මේ partition එක format කරල drive එක DATA කියල නම් කරනව.
එත් එක්කම අපි raspberry pi තුල ගොනුවක් හදනව '/data' කියල. දැන් අපි මේ folder එකට අලුතෙන් හදපු partition එක mount කරන්න යන්නෙ. raspberry pi ආරම්බ වෙනකොට මේ දේ සිද්ද වෙන්න නම්, 'etc' ගොනුව තුල ඇති, fstab කියන file එකට පහත දැක්වෙන විධානය ඇතුලත් කරල ස්තීර කරනව.

LABEL=DATA /data ext4 defaults 0 2


ඔන්න දැන් අපේ NAS drive එක පටන් ගන්නකොට හර්ඩ් ඩිස්ක් එක 'data' කියන folder එකට mount වෙනවා.
දැන් අපි SAMBA සර්වරය අපිට අවශය විදිහට configure කරන්න ඕනෙ.
ඒකට අපි යන්න ඕනෙ, raspberry pi එකේ, '/etc/samba' කියන ගොනුවට. එය පහත දැක්වෙන විධානය බාවිතා කරල පුලුවන්,
 

cd /etc/samba

folder එක අතුලෙ තියෙනවා, 'smb.conf' කියල file එකක්. ඒකෙ තියෙන විධාන අනුව තමයි SAMBA වැඩකරන්නෙ, හැසිරෙන්නෙ.

sudo nano smb.conf


මේ විධානයෙන් 'smb.conf' file එක වෙනස්කිරීමට හැකිවෙනවා.
මුලින්ම පහලට ගිහිල්ල [global] යටතේ ඇති '# wins suport=no', කියන පේලිය සොයාගත යුතුය. එය පහත පරිදි වෙනස් කලා.

wins suport=yes


තව පහලට ගිය විට හමුවන 'name resolve order' කියන විදානය ඉදිරියෙන් ඇති '#' ලකුන ඉවත් කර මෙම විධානය බල සහිත කල යුතුය. එවිට ජාලයට සම්බන්දවී ඇති පරිගනකයන්ට, raspberry pi උපකරනය නැත්නම් අපේ NAS Drive එක නමින් හඳුනා ගැනීමට පුලුවන් වෙනවා.
දැන් NAS Drive එක බොහෝ දුරට සකසා අවසානයි. දැන් තියෙන්නේ අපේ හර්ඩ් ඩිස්කය හඳුන්වා දීමයි.
ඒ සඳහා පහලට ගොස් share definition කොටස සොයා ගත යුතුය. මෙම කොටසේ [homes] කොටස අවසානයේ [netlogon] කොටසට පෙර, පහත දැක්වෙන කොටස ඇතුලුකලා.

[pi_share]

  path=/data
  public=yes
  browseable=yes
  create mask=0777
  directory mask=0777
  only guest=yes
  read only=no

ඉන්පසු save කර raspberry pi එක, නැවත ආරම්භ කලා.
ඔන්න දැන් අපි NAS Drive එක සකසා අවසන්.
ලැපයේ, network folder යටතට ගියා.
ඔන්න අපේ NAS Drive එක වැඩ කරනවා :)



සියල්ල අවසානයි කියල හිතුවට එහෙම උනේ නෑ. ගිහිල්ල ප්ලස්ටික් පෙට්ටිය ඇරිය මෙන්න බොලේ, කර ගඳක් එනවා.... බලනකොට හාර්ඩ් ඩිස්ක් එක රත් වෙලා, රස්නෙ එලියට යන්න තැනක් නැතිව රත් වෙලා.. මොකද කරන්නෙ, පරණ DELL power supply එකක පංකාවක් ඇතුලට සවිකලා, පෙට්ටිය දෙපැත්තෙන් හිල් විදලා, එක පැත්තකින් හුලං ඇදල අරන්, අනික් පැත්තෙන් පිට වෙන්න.


 
දැන් හරි. ඒත් සද්දෙ වැඩියි. පංකාව හරි සද්දයි. ඒ DELL power supply එකේම Resistive Temperature Sensor එකක් තිබුනා. Sensor එක හාර්ඩ් ඩිස්ක් එකේ බඳේ සවිකරල, රස්නෙ වැඩිනම් පංකාවෙ වේගය වැඩිවෙන්න පරිපතයක් සවිකලා.




දැන් ඔක්කොම හරි, මගෙ චිත්‍රපටි ඔක්කොම NAS එකට දැම්මා....

මොනවද මේ හදපු NAS drive එකේ තියෙන වාසි හා අවාසි.
වාසි නම්, වියදම අඩුකම, වැයවන විදුලි බලය අඩුකමයි. සියල්ල අලුතෙන් මිලදීගෙන, මෙය සෑදීමට අදහස් කරයි නම් රුපියල් 20,000 ත් 25,000 අතර ගනනකින්  මෙය සෑදිය හැකියි. වැයවන විදුලි බලය, 10W සිට 15W අතර ගනනක් වේ.
අවාසිය නම්, දත්ත හුවමාරු වේගය මදකමයි. සාමානයෙන් එය 6Mbps සිට 1Mbps අතර ගනනක වෙනස් වේ. නමුත් නිවසක බාවිතය සඳහා එය ප්‍රමානවත් බව මගෙ හැඟීමයි.


(මේ ලිපියේ සමහර ඉන්ග්‍රීසි වචන සඳහා සිංහල වචන මම දන්නේ නෑ. ඒවා සඳහා සිංහල වචන යෝජනා කරන්න.)

(For the English translated version of this Blog, Please visit to Electronic World

Thursday, June 19, 2014

ව්‍යාපෘති 1 - ස්වයංක්‍රීය වතුර මෝටරය සහ වතුර මට්ටම් දර්ශකය

හැඳින්වීම
අප එදිනෙදා භාවිතා කරන වතුර මෝටරය භාවිතයේදී ඇතිවෙන ඇතිවන ජලය පිරීයාම නොදැනීම නිසා සිදුවන නාස්තියද, කිසියම් කාර්යක නිරතවී සිටින විට ජල අවසන් වීමකදී ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම වැනි ගැටලු සඳහා පිලියම් සෙවීම මෙන්ම; ජල ටැංකියේ ඇති ජල ප්‍රමානය දැන ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුනු විය. තවද, ලිඳක් වැනි ජල මූලාශ්‍රයක් භාවිතා කරන විට, ජලය සමග මඩ වැනි අපද්‍රව්‍ය පැමිනෙන විට මෝටරය ක්‍රියාවිරහිත කිරීමද අරමුනක් වේ.

ක්‍රමය

පාලනය සඳහා මයික්‍රෝකොන්ට්‍රෝලරයක් (ක්ශුද්‍ර පාලකයක් - Microcontroller ) සමන්විත වේ.ජල මට්ටම් මැනගැනීම සඳහා ජලයේ විද්‍යුත් සන්නායකතාවය පදනම් කරගත් සෙන්සර හතරකින් යුක්තය. මෙම සෙන්සර අවම, උපරිම සහ මැද ස්තාන දෙකකින් යන ජල මට්ටමේදී සවිකල යුතුය. ජලයෙහි අපද්‍රව්‍ය සහිත/රහිත බව දැන ගැනීම සඳහා ජලයෙහි පාරදෘශ්‍යතාවය මැන ගැනීමට සෙන්සරය මෝටරයට ජලය ඇතුල්වන ස්තානයට මදක් දුරින් සවිකල යුතුය. මෙම සෙන්සරය එල්.ඊ.ඩී. (LED) එකක් ඉදිරියෙන් සවිකල පොටෝට්‍රාන්සිස්ටරයකින්ද (Photo-Transistor), එම සැකැස්ම හරහා ජලය ගලායන පරිදි යුක්ත වේ.
ලිඳ හෝ භුගත ටැංකියෙහි ජලය අවසන් වූවිට වතුර මෝටරය ක්‍රියාවිරහිත කල යුතුහෙයින් එය සඳහා සෙන්සරයකින් යුක්ත වේ.
වතුර මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා රිලේ උපාංගයක් බාවිතාකරන ලදී. ජල මට්ටම්, වතුර මෝටරයේ ක්‍රියාකාරිත්වය හා ජලයේ තත්වය දැනුම්දීම සඳහා, අකුරු දර්ශනය කරන එල්.සී.ඩී. එකක් භාවිතාකරන ලදී.

පරිපතය

ස්වයංක්‍රීය වතුර මෝටරය සහ වතුර මට්ටම් දර්ශකය


පරිපතය, කොරල්ඩ්‍රෝ භාවිතාකොට මුද්‍රිත පරිපතයක් ඇඳ ස්ක්‍රීන් මුද්‍රණය භාවිතයෙන් තඹ පුවරුවකට මුද්‍රණය කොට මුද්‍රිත පරිපතයක් සාදන ලදී.

මුද්‍රිත පරිපතය


(For the English translated version of this Blog, Please visit to Electronic World )

Sunday, May 25, 2014

විදුලිය පිලිබඳ කතාන්තරය 1

විදුලිය අද අප ජීවිතයේ නැතුවම බැරි අංගයක් බවට පත්වී තිබෙනවා. අද පැයක පමන විදුලිය අත්හිටවීමක් සිදුවුවහොත් අප ජීවිතයට සිදුවන බලපෑම කෙබඳුද ?
එහෙත් වසර සියදහස් ගනනකට පෙර මිනිසා දුටු විදුලිය නම් ගෙනාවේ විනාශයයි. ආදි මිනිසා දුටු විදුලිය වන අකුණු සරය ගිනි ඇතිකිරීමටත්, ගස් පර්වත විනාශ කිරීමටත් සමහර අවස්තාවලදී ජීවිත හානි සිදු කිරීමටත් හේතු වුනා. ඒ විනාශය ඇතිකල දෙය හීලෑ කර සේවකයකු බවට පත් කර ගත හැකිවෙතැයි කිසිවිට නොසිතන්නට ඇති.
විදුලියෙහි ගති ලක්ෂණ පිලිබඳ දැනගැනීමට බොහෝ කලකට පෙර මිනිසා විදුලි ආඳා හා, විදුලි සරය ගැන දැනන් සිටියා. ක්‍රිස්තු පූර්ව 2750 පමන වන පැරණි ඊජිප්තියානු ලිපියක සඳහන් වන පරිදි ඊජිප්තියානු වැසියන් විදුලි ආඳා හැඳින්වූයේ 'නයිල් නදියේ අකුණු සරය' ලෙසයි.

'ඇම්බර්' යනු ශාක මැලියම් ඝන වීමෙන් වසර මිලියන ගනනක ඇවෑමෙන් සෑදෙන ද්‍රව්‍යක්. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පමන මධ්‍යධරණී මුහුද අවට ජීවත්වූ ජනයා ඇම්බර් වෙලඳාම කල අතර, එයින් ආභරණ සෑදුවේය.
ඇම්බර් ලෝම වල ඇතුල්ලූ පසු කුඩා පිහාටු වැනි සැහැල්ලු දෑ එහි ඇලෙන බව ඔවුන් නිරීක්ෂණය කල දෙයක්. මෙම සංසිද්දිය විස්තර කිරීමය උත්සාහ කල කෙනෙක් වන්නේ මිලෙතස් හි ජීවත්වූ තෙල්ස් (Thales of Miletus ) නම් නැමැත්තායි. මුල්ම ග්‍රීක දාර්ශනිකයෙකු වන ඔහු 'ග්‍රීක දර්ශනයෙහි' පියා ලෙස ඇරිස්ටෝටල් විසින් නම් කර තිබෙනවා. එසේම ඔහු 'විද්‍යාවේ පියා' ලෙසත් හඳුන්වනවා. තෙල්ස් විසින් ඇම්බර් හි ඇතිවන ඇදගැනීමේ ගුණය, කාන්දම් බලයක් ලෙස හදුන්වා දී ඇත. ඇතිල්ලීම නිසා ඇතිවන කාන්දම් බලය ලෙස ඔහු එය විස්තර කලේය.
තෙල්ස් ගෙන් පසු ඇම්බර් සහ ඇම්බර් මගින් ඇතිකරන 'කාන්දම්' බලය ගැන විද්‍යා ලෝකයට අමතක වූ අතර, නැවත ඒ පිලිබඳ පර්යේෂණ පවත්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1600 තරම් මෑතකදීය.
එසේ නම් වසර 2200කට පසු මුනගැසෙමු.......

ලබන සතියට....... (හී..... හී........)

(For the English translated version of this Blog, Please visit to Electronic World

Saturday, April 26, 2014

ආයුබෝවන් !

මම බ්ලොග් ලෝකය හඳුනගත්තේ ඕස්ට්‍රේලියාවේ පඳිංචි මගේ නොදුටු මිතුරිය රෝෂිනී නිසායි. අප දෙදෙනා 2009 පමන සිට නොයෙකුත් දේවල් ගැන කතා කලා, වාද කලා,නොදන්න දේවල් කියල දුන්නා, තරහ උනා යාළු උනා. දිනක් ඇය ලින්කුවක් එවුවා බලන්න කියල. එදා තමා මම සිංහල බ්ලොග් එකක් බලපු මුල්ම දවස. එය කතාන්දරගේ බ්ලොගයේ ලින්කුවක්. ඊට පසු වරින්වර මාතලන්ගේද, මාරයාගේද ලිපි බලන්න කියල ලින්ක් එවුවා.
දිනක් ඇය මට මුලින්ම කිවුවේ 'අද මට හරිම දුක දවසක්, බ්ලොග් ලෝකයට අද අදුරු දවසක්'. එදා තමා ඔබ කාගේත් ආදරණීය ඔබා මාමා මියගිය දවස. මම ඔබා මාමගෙ බ්ලොගයේ ලින්කුව ඉල්ලන් එය බැලුවා. මම කොච්චර එයට කැමතිඋනාද කියතොත් හවස 6ට පමන කියවන්න පටන් ගෙන පහුවදා උදේ වෙනකන් සම්පූර්ණ බ්ලොගයම කියවලා තමා නිදාගත්තේ. ඔබා මාමා අදුර ගන්න නොහැකි උනත්, එතුමා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් සොඳුරු මිනිසෙකු බව සිංහල බ්ලොග් ලෝකය එතුමා වෙනුවෙන් දුක්වූ තරමින් පෙන්නුම් කලා.
එහෙම පටන් ගත්ත බ්ලොග් කියවීම, අද දක්වාම කරනවා. මාරයාගෙ හොරාව, මාතලන්, නිදහස් සිතුවිලි, සංසාරේ අපි සහ ලඟකදි ඉඳන් කෙන්ජිගෙ කොලම මම වැඩිපුර කියවන ඒවා උනත් වෙලාවක් ලැබෙන විදිහට අනෙක්වාත් කියවන්න අමතක කරන්නෙ නෑ.
වසර ගනනක සිට බ්ලොග් කියවීමත්, මාස 6ක පමන සිට කොමෙන්ට් ලිවීම කරපු මට බ්ලොග් එකක් පටන් ගන්න ආසාවක් තිබුනත් මම මොනවා ලියන්නද කියන ප්‍රස්නෙ හිතේ තිබුනා. ඉතින් මම තීරණය කලා මම ආසම දෙයක් වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාව ගැන ලියන්න. ඉලෙක්ට්‍රොනික විද‍යාව කිවුවට මම ලියන්න අදහස් කරන්නේ මම කරන ප්‍රොජෙට්ස්. විශ්ව විද‍යාල වල ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරන අයට එයාලාගේ අවසන් වසර් ප්‍රොජෙට් කරල දෙන එක මම වසර එකහමාරක පමන් ඉදන් මම කරනවා. එයාලාගේ ප්‍රොජෙට්ස් තමා මම ඔයාලාට ඉදිරිපත් කරන්නේ.ඒ වගේම ඉලෙක්ට්‍රොනික මූලධර්ම ගැනත් ලියන්න මම අදහස් කරනවා. ඒක මූලික දැනුම සොයන අයට උදවුවක් වේවි.
ඉතින් ඉලෙට්‍රොනික වලදී භාවිතා කරන සමහර වචන සඳහා සිංහල වචන හොයාගන්න බැරිවුනාම ඉංග්‍රීසි වචනය භාවිතා කරන්න වේවි. ගැලපෙන සිංහල වචනය දන්නවනම් ඉදිරිපත් කරන්න.

(For the English translated version of this Blog, Please visit to Electronic World )