Thursday, May 28, 2015

Network Attached Storage (NAS) - ජාල සබැඳුම් ගබඩාව

වසරකට විතර පස්සෙ ඔන්න මම ආපහු ලියන්න කියල ගත්ත. ලියන්න නම් දේවල් ගොඩයි. එහෙත් හිත එකලස් කරගන්න බැහැ වෙලාවකට. එක රස්සාවක් කරල, ඒකෙන් නැවතිලා තව එකක් ලැබෙනකන් ගෙදර ඉන්න කොට කරන්න කියල හිතාගෙන හිටපු දේවල් මතක් වෙනවා. සමහර දේවල් කරනවත් එක්ක. එහෙම කරපු එක වැඩක් ගැන තමයි කියන්න හදන්නෙ.
අපි හැමෝම පරිගනක එක්ක වැඩකරනවානෙ, එතකොට අපි ලියන ලිපි, ගන්න පින්තුර, බලන චිත්‍රපටි මෙකී නොකී සියලුම වර්ගයේ files, ගබඩා කරන්නෙ අපේ පරිගනකයේ. කාර්යාලයට උවමනා කරන හරි, කාට හරි දෙන්න ගෙනියන්න ඕනෙකරන ඒවා සමහරවිට pen drive එකේ. එහෙම ගබඩා කරල ගබඩා කරල, රතු ඉරත් පැනල පරිගනකය සැරෙන් සැරේ මතක් කරන්න ගත්තාම තමයි, සමහර අයට මතක් වෙන්නෙ පරිගනකයෙන් files ඉවත් කරන්න ඕනා නේද කියල. එතකොට ඉතින් අයින් කරන්න external hard drive එකක් නැත්නම්, තමුන් ආදරයෙන් එකතුකල දේවල් පරිගනකයෙන් මකලා දාන්න වෙනවා. සමහර වෙලාවට පරිගනකය ලෙඩක් දුන්නොත්, වෛරස් වගේ ආසාදනයක් ඇතිවුනොත් කිසිම දෙයක් නැතිවෙනවා.
කාර්යාලවල මේ files තියාගන්න වෙනමම පරිගනකයක් බාවිතා කරනවා.ලොකු ප්‍රොසෙසර් එකක් එක්ක, ලොකු මතක ගබඩාවක් වගේම ලොකු ධාරිතාවයක් සහිත හාර්ඩ් ඩිස්කයකින් ඒ පරිගනකය සමන්විතයි. මේ වෙනකල පරිගනකයට අපි file server කියල කියනවා. මෙවැනිදෙයක් බාවිතාකරන්න විශාල මුදලක් වගේම, නඩත්තුකරන්නත් විශාල මුදලක් වැයවෙනවා.
පොඩි කාර්යාලයකට වගේම, නිවසකට අපිට මේවගේ දෙයක් බාවිතාකරන්න අපිට බැහැ. නමුත් එයටත් විසඳුමක් තියෙනවා. ඒකට කියන්නේ Network Attached Storage එහෙම නැත්නම් කෙටියෙන් NAS. සිංහලෙන් කිවුවොත්, ජාල සැබැඳුම් ගබඩාව.
මොකද්ද මේ NAS සහ File Server පරිගනකයත් අතර වෙනස, සමානකම් වගේම වෙනස්කම් ගොඩකුත් තියෙනවා.
සමානකම් ගත්තොත්, දෙකෙම්ම කරන්නෙ එකම කාර්යය එනම් Files ගබඩා කිරීම වගේම Files ලබාගැනීමට හැකියාව ලබාදීම. වේගය අතින් ගත්තොත්, තාක්ෂණයේ දියුනුවත් එක්ක එකවගේ වේගයකින් Files හුවමාරුව සිදුකිරීමටත් හැකියි.
වෙනස්කම් නම්, මෙම service ලබා දෙන විදියයි. File server ගත්තොත්, හර්ඩ් ඩිස්කයේ සිට ජාලය දක්වා සබඳතාව ඇති කරනුයේ, මෘදුකාංග බාවිතා කර. පරිගනකය operating system එකක් බාවිතයෙන් පනගන්වා ඇති අතර, එය මත ක්‍රියාකරන තවත් ක්‍රමලේඛනයක් බාවිතා කර සබඳතාව ඇති කරයි. නමුත් NAS උපකරනය, සාපෙක්ශව කුඩා ක්‍රමලේකනයක් බාවිතා කරයි. මෙම ක්‍රමලේකය, මතක චිපයක ගබඩාකර ඇති අතර එය firmware ලෙස හැඳින්වේ.
වෙනස්කම් නම්, මෙම සේවාව ලබා දෙන විදියයි. File server ගත්තොත්, හර්ඩ් ඩිස්කයේ සිට ජාලය දක්වා සබඳතාව ඇති කරනුයේ, මෘදුකාංග බාවිතා කර. පරිගනකය operating system එකක් බාවිතයෙන් පනගන්වා ඇති අතර, එය මත ක්‍රියාකරන තවත් ක්‍රමලේඛනයක් බාවිතා කර සබඳතාව ඇති කරයි. මේ හේතුවනිසාම, file server පරිගනකය, වේගවත් ප්‍රෝසෙසරයකින් වගේම, විෂාල මතක ගබඩාවකින් සමන්විතයි.එනිසා විදුලි බලයද සැලකිය යුතු ප්‍රමානයක් බාවිතා කරයි. NAS උපකරනය බාවිතාකරන්නේ හර්ඩ් ඩිස්කයේ සිට ජාලය දක්වා සබඳතාවය ඇතිකිරීමට විශේෂයෙන් සකසන ලද පරිපතයක්. මේ හේතුව නිසා NAS උපකරනයේ ප්‍රෝසෙසරය විශාල නොවන අතර විදුලි බලයද අවශය වන්නේද මද වශයෙනි.


NETGEAR ආයතනය විසින් නිපදවන ලද NAS උපකරනයක් (විකිපීඩියාවෙන්)

දැන් මම සාදන ලද NAS උපකරනය ගැන කතාකරමු. මම NAS උපකරනය සාදන ලද්දේ Raspberry Pi එකක් බාවිතා කරගෙනයි. මොකද්ද මේ Raspberry Pi ? Raspberry Pi කියන්නේ, කුඩාපරිගනකයක්. එය, මූලික වශයෙන් පරිගනක තිරයක් සම්බන්ද කිරීමට තැනක්ද, යතුරු පුවරුවක් මූසිකයක් සම්බන්ද කිරීමට USB සම්බන්දතාවයකින් ද සමන්විත උපකරනයක්. මෙය ලිනක්ස් Operating System එකක් බාවිතාකර පනගන්වාගත හැක. Raspbery Pi, version ගනනාවක් ඇති අතර, නවතම නිකුතුව Microsoft Windows 10 බාවිතාකල හැකි ආකාරයට සකසා ඇත.
මගේ උපකරනයට මම බාවිතා කලේ, මදක් පරන උපකරනයකි. එය Raspberry Pi model B ලෙස හැදින්වේ. මෙය සතුව, පරිගනක තිරයක් සම්බන්ද කිරීමට HDMI port  එකක් ද, සාමාන්ය රූපවාහිනියක් තිරය ලෙස බාවිතාකිරීමට Composite port එකකින් ද, USB port දෙකක් ද, Input/Output pin 26 කින් ද, Operating System එක ඇතුල්කිරීම සඳහා SD මතක චිපයක් සම්බන්ද කිරීමට තැනකින්ද යුක්ත වේ.


 Raspberry Pi 1 Model B

NAS උපකරනය එකල්ස් කිරීම සඳහා බාවිතා කරන ලද ද්‍රවය ලයිස්තුව පහත පරිදි වේ.

Raspberry Pi 1 Model B with 8GB SD card
500GB SATA Hard Disk
SATA to USB convertor
5V Power Regulator
Plastic Box

මෙයට අමතරව, 5V රෙගියුලේටරයේ සිට Raspberry Pi උපකරනයට බලය සැපයීම සඳහා Micro USB මුහුනතක් සහිත වයරයක් ද, Raspberry Pi හි ඊතනෙට් මුහුනත ප්ලාස්ටික් පෙට්ටියෙන් පිටතට ගෙන ඒමට, ඊතනෙට් වයරයක් සහ RJ45 ටර්මිනලයක් පාවිච්චි කලා.


බාවිතා කරන ලද සියලුම කොටස්.

මුලින්ම, ප්ලාස්ටික් පෙට්ටියේ, සිදුරක් කපා RJ45 ටර්මිනලය සවිකරන ලදී.






එසේම සිදුරක් විද, 5V රෙගියුලේටරය සවිකර.....







ඉන්පසු Operating System එක SD මතක චිපයට දමා Raspberry Pi උපකරනයට ඇතුලත් කරන ලදී. මෙහිදී යොදා ගන්න ලද්දේ Raspberry Pi සඳහා සංස්කරනය කරන ලද ලිනක්ස් wheezy සංස්කරනයයි.  දුරස්තව ක්‍රමලේඛ්නය කිරීමට අදහස් කරන් ලද බැවින් ඒ සඳහා අවශය මෘදුකාංගද පහත විධාන බාවිතයෙන් ස්තාපනය කරන ලදී

sudo apt-get install xrdp 

හාර්ඩ් ඩිස්කය, ඇන හා යකඩ රාමුවක් බාවිතා කර පෙට්ටියෙහි පතුලට සවිකර, වයර සියල්ල අදාල පරිදි සවිකර පෙට්ටිය වසන ලදී.







විදුලිබලය දීලා මද වේලාවක් ගතවූපසු ලැප්ටොප් පරිගනකයෙහි Remote Desktop බාවිතා කර Raspberry Pi තුලට ලොග් වී ඉතිරිවැඩ ටික කරන්න පටන් ගත්තා. 



SAMBA මෘදුකාංගය ස්තාපනය කිරීම.

sudo apt-get install samba
sudo apt-get install samba-common-bin

සම්බා තමයි, හාඩ් ඩිස්කයේ ඇති files වලට ජාලය හරහා ප්‍රවේශය ලබා දෙන්නෙ. ඔන්න දැන් SAMBA ස්තාපනය කරල ඉවරයි. දැන් අපි හර්ඩ් ඩිස්කය හරි ගස්සන්න ඕනෙ.
මම හාර්ඩ් ඩිස්කය මගෙ ලැප් එකට, external drive එකක් විදිහට බාවිතා කල නිසා, දැන් තියෙන්නෙ NTFS file system එක. නමුත් ලිනක්ස් file system එක වන ext4 format එක බාවිතය NAS Drive එකකට හොදයි. ඉතින් අපි හර්ඩ් ඩිස්ක්කය සකසන්න යන්නෙ.
මේ සඳහා අපි 'fdisk' කියන විධානය බාවිතා කරනව.


sudo fdisk /dev/sda

මුලින්ම අපි දැනට තියන NTFS file format එක ඉවත් කරන්න ඕනෙ. ඒ සඳහා යතුරු පුවරුවේ 'd' අකුර බාවිත කරල තියෙන NTFS partion ඔක්කොම ඉවත් කරනව. ඊට පස්සෙ, 'w' අකුර බාවිතා කරල කරපු වෙනස් කම් ස්තීර කරල ඉවත් වෙනවා. ආපහු 'sudo fdisk /dev/sda' ව්ධානය බාවිතා කරල අලුත් ext4 partition එකක් හදන්න යන්නෙ.
දැන් 'n' අකුර බාවිතා කරල අලුත් partition එකක් හදන්න කියනවා.
'p' අකුරෙන් මූලික (primary) partition එකක් හදන්න ඕනෙ.
ඊට පස්සෙ දෙපාරක් 'Enter' යතුර ඔබන්න ඕනෙ, partition එකේ ආරම්භය හා අවසානය තියෙන අගයන් බාවිතා කරන්න කියල. දැන් 'w' අකුර ඔබල, වෙනස්කම් ස්තීර කරල ඉවත් වෙනවා.
ඔන්න දැන් අලුත් partition එක හදල ඉවරයි. අලුත් partition එක dev කියන ගොනුවෙ sda1 විදිහට පෙන්නනවා. පාවිච්චි කරන්න ඉස්සෙල්ල මේක format කරන්න ඕනෙ.

sudo mkfs.ext4 -L DATA /dev/sda1


කියන විධානයෙන් මේ partition එක format කරල drive එක DATA කියල නම් කරනව.
එත් එක්කම අපි raspberry pi තුල ගොනුවක් හදනව '/data' කියල. දැන් අපි මේ folder එකට අලුතෙන් හදපු partition එක mount කරන්න යන්නෙ. raspberry pi ආරම්බ වෙනකොට මේ දේ සිද්ද වෙන්න නම්, 'etc' ගොනුව තුල ඇති, fstab කියන file එකට පහත දැක්වෙන විධානය ඇතුලත් කරල ස්තීර කරනව.

LABEL=DATA /data ext4 defaults 0 2


ඔන්න දැන් අපේ NAS drive එක පටන් ගන්නකොට හර්ඩ් ඩිස්ක් එක 'data' කියන folder එකට mount වෙනවා.
දැන් අපි SAMBA සර්වරය අපිට අවශය විදිහට configure කරන්න ඕනෙ.
ඒකට අපි යන්න ඕනෙ, raspberry pi එකේ, '/etc/samba' කියන ගොනුවට. එය පහත දැක්වෙන විධානය බාවිතා කරල පුලුවන්,
 

cd /etc/samba

folder එක අතුලෙ තියෙනවා, 'smb.conf' කියල file එකක්. ඒකෙ තියෙන විධාන අනුව තමයි SAMBA වැඩකරන්නෙ, හැසිරෙන්නෙ.

sudo nano smb.conf


මේ විධානයෙන් 'smb.conf' file එක වෙනස්කිරීමට හැකිවෙනවා.
මුලින්ම පහලට ගිහිල්ල [global] යටතේ ඇති '# wins suport=no', කියන පේලිය සොයාගත යුතුය. එය පහත පරිදි වෙනස් කලා.

wins suport=yes


තව පහලට ගිය විට හමුවන 'name resolve order' කියන විදානය ඉදිරියෙන් ඇති '#' ලකුන ඉවත් කර මෙම විධානය බල සහිත කල යුතුය. එවිට ජාලයට සම්බන්දවී ඇති පරිගනකයන්ට, raspberry pi උපකරනය නැත්නම් අපේ NAS Drive එක නමින් හඳුනා ගැනීමට පුලුවන් වෙනවා.
දැන් NAS Drive එක බොහෝ දුරට සකසා අවසානයි. දැන් තියෙන්නේ අපේ හර්ඩ් ඩිස්කය හඳුන්වා දීමයි.
ඒ සඳහා පහලට ගොස් share definition කොටස සොයා ගත යුතුය. මෙම කොටසේ [homes] කොටස අවසානයේ [netlogon] කොටසට පෙර, පහත දැක්වෙන කොටස ඇතුලුකලා.

[pi_share]

  path=/data
  public=yes
  browseable=yes
  create mask=0777
  directory mask=0777
  only guest=yes
  read only=no

ඉන්පසු save කර raspberry pi එක, නැවත ආරම්භ කලා.
ඔන්න දැන් අපි NAS Drive එක සකසා අවසන්.
ලැපයේ, network folder යටතට ගියා.
ඔන්න අපේ NAS Drive එක වැඩ කරනවා :)



සියල්ල අවසානයි කියල හිතුවට එහෙම උනේ නෑ. ගිහිල්ල ප්ලස්ටික් පෙට්ටිය ඇරිය මෙන්න බොලේ, කර ගඳක් එනවා.... බලනකොට හාර්ඩ් ඩිස්ක් එක රත් වෙලා, රස්නෙ එලියට යන්න තැනක් නැතිව රත් වෙලා.. මොකද කරන්නෙ, පරණ DELL power supply එකක පංකාවක් ඇතුලට සවිකලා, පෙට්ටිය දෙපැත්තෙන් හිල් විදලා, එක පැත්තකින් හුලං ඇදල අරන්, අනික් පැත්තෙන් පිට වෙන්න.


 
දැන් හරි. ඒත් සද්දෙ වැඩියි. පංකාව හරි සද්දයි. ඒ DELL power supply එකේම Resistive Temperature Sensor එකක් තිබුනා. Sensor එක හාර්ඩ් ඩිස්ක් එකේ බඳේ සවිකරල, රස්නෙ වැඩිනම් පංකාවෙ වේගය වැඩිවෙන්න පරිපතයක් සවිකලා.




දැන් ඔක්කොම හරි, මගෙ චිත්‍රපටි ඔක්කොම NAS එකට දැම්මා....

මොනවද මේ හදපු NAS drive එකේ තියෙන වාසි හා අවාසි.
වාසි නම්, වියදම අඩුකම, වැයවන විදුලි බලය අඩුකමයි. සියල්ල අලුතෙන් මිලදීගෙන, මෙය සෑදීමට අදහස් කරයි නම් රුපියල් 20,000 ත් 25,000 අතර ගනනකින්  මෙය සෑදිය හැකියි. වැයවන විදුලි බලය, 10W සිට 15W අතර ගනනක් වේ.
අවාසිය නම්, දත්ත හුවමාරු වේගය මදකමයි. සාමානයෙන් එය 6Mbps සිට 1Mbps අතර ගනනක වෙනස් වේ. නමුත් නිවසක බාවිතය සඳහා එය ප්‍රමානවත් බව මගෙ හැඟීමයි.


(මේ ලිපියේ සමහර ඉන්ග්‍රීසි වචන සඳහා සිංහල වචන මම දන්නේ නෑ. ඒවා සඳහා සිංහල වචන යෝජනා කරන්න.)

(For the English translated version of this Blog, Please visit to Electronic World

2 comments:

  1. Raspberry Pi එක gigabit network සපෝට් කරන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ එකේ තියෙන්නේ Ethernet එකක් උපරිම වේගය 100M. එකක් තිබුනත් දත්ත වේගය සම්පුර්ණයෙන් රදා පවතින්නේ ප්‍රොසෙසරයේ වේගය මත.
      //අවාසිය නම්, දත්ත හුවමාරු වේගය මදකමයි. සාමානයෙන් එය 6Mbps සිට 1Mbps අතර ගනනක වෙනස් වේ. නමුත් නිවසක බාවිතය සඳහා එය ප්‍රමානවත් බව මගෙ හැඟීමයි

      Delete